Friday, October 1, 2010

iPad කියන්නෙ ලෝකයෙ මුල්ම 'Tablet PC' නොවුනත්...

ඇපල් සමාගම iPad හැදුවට පස්සෙ තව සමාගම් කීපයක් ආදේශක හදන්න පටන් අරගෙන. iPad කියන්නෙ ලෝකයෙ මුල්ම 'Tablet PC' නොවුනත්, සුපුරුදු විදියට ඇපල් නිශ්පාදනය තමා මිනිස්සු අතර මුල් බැස්සෙ.








තරඟයට එක්වුනු අය අතරෙ BlackBerry PlayBook, Samsung Galaxy Tab, eLocity A7, Dell Streak, ExoPC Slate, Archos 10-1, ViewSonic G-Pad, යන නිශ්පාදන හොඳ සටනක් දෙනව.
    
                     ******** නිශ්පාදන එකිනෙකට  වෙනස්කම් සසඳන්න මෙතන ඔබන්න********





      
 නිකමට විස්තර හොයල බැලුවෙ.

Thursday, September 30, 2010

එක පැටියෙක් ඇස් ඇරල...

හෙට සම්පති නෑයොත් එක්ක ගමනක් යනව. ආයෙත් එන්නෙ ඉරිද. දවස් හතරක් හරි පාලුවෙන් ඉන්න වෙන්නෙ. රන්ඩු වෙවී හරි ලඟ ඉන්නව වගේ නෑ.
      අද හවස සම්පති පූස් පැටවුන්ව උනු වතුරෙන් සුද්ද කලා. එක පැටියෙක් ඇස් ඇරල. පොඩි සතුටක් දැනෙනව.

Monday, September 27, 2010

ජීවත් උනොත් ලොකු දෙයක්...

ටාන්යා ජර්මනියෙ ඉඳල පූස් පැටව්න්ට සලකන්න  ඕන විදිය ගැන පොඩි අදහස් වගයක් කිව්ව.
  *උන්ට වෙනම කිරි වර්ගයක් තියනවලු.
  *මද රස්නෙන්, පැය දෙකකට වරක් වත් කිරි පොවන්න ඕනලු
 
කැනඩාවෙනුත්, ජර්මනියෙනුත් පූස් පැටවු ගැන අහල කෝල් එනව.

උනුවතුර තෙත මාත්තු කරපු රෙදි කෑල්ලකින් ඊයෙ සම්පති පැටව්න්ව සුද්ද කලා...නිදාගන්න තැන වෙනස් කලා. දැන් ටිකක් සුද්දෙට ඉන්නව.
       ජීවත් උනොත් ලොකු දෙයක්.

Sunday, September 26, 2010

උන් තාම ජීවත් වෙනව...

අර මම කලින් ලියපු පූස් පැටව්.....උන් තාම ජීවත් වෙනව.

අපි පොවනකොට අඟට වැදිච්ච කිරි ඇඟේම වේලිලා. දැන් උන් හරිම කැතට පේන්නෙ. කමක් නැහැ.....තාම ජීවත් වෙන එකත් මදැයි...

Friday, September 24, 2010

පූස් පැටව්....

මම ඉන්න ගෙදර බැලලියෙක් පැටව් දෙන්නෙක් දැම්ම. හරිම හුරතල්.. හික්මීයන් තරම් කුඩා උන් දෙන්නෙක්.
      උන්ට අදට යන්තම් දවස් හතරක් වෙන්න අති. ඇස් අරලත් නැහැ. ඇවිදින්නත් බැහැ.
      අද උදේ වැස්සට පස්සෙ ගෙදර දොර ඇරල බලද්දි උන්ගෙ අම්ම මැරිල...දරදඬු වෙලා. මම හරිම වේදනාවකින් ඌව වලලල දැම්ම.
    
 නමුත් පැටව්? උන්ට මොකද කරන්නෙ?

අද දවස ගෙවුනෙ හරිම වේදනාවකින් පිරිල...(එක අතකට අදයි කියල වෙනසක් නහැ.)
     සම්පති(මම කසාද බැඳල ඉන්න කෙනා) එක එක විදියට පැටවුන්ට පිටිකිරි පොවන්න උත්සාහ කලා. මමත් විවිද යොජනා කලා. උන්ගෙ බඩට යන්නෙ කිරි පොඩ්ඩයි. උන්ගෙ අම්මගෙ තුරුලෙ උනුසුමේ...අත්පොඩි වලින් මිරිකන ගමන් කිරි උරන්නයි උන් පුරුදු වෙලා උන්නෙ. ඉතින් ඒ කටයුත්ත අපි කොහොම කරන්නද?
       මේ ප්‍රස්නෙ ගැන අත්දැකීමක් තියන කෙනෙක් ඉන්නවනම්.....අනේ කරුනා කරල මට දන්වන්න.

                                                  
                                                     මගෙ නොම්මරය 0777366399